Advertise with Giraya
POLITICS

3% ත් අහිමි වෙන ලකුණු.. ජාතික ජන බලවේගය ජවිපෙටම සීමා වෙයි

ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ලැබූ පරාජයන් හේතුවෙන් පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් හරහා නව ජනතා බලවේගයක් ගොඩ නැගීමට කටයුතු කරන බව පසුගියදා අනාවරණය කෙරිණි. ඒ සඳහා රට පිළිගත් පුද්ගලයින් හා සංවිධාන රැසක සහභාගීත්වයෙන් නව බලවේගයක් ආරම්භ කර බව පැවසූ ඔවුන් “ජාතික ජන බලවේගය” නමින් මාලිමාව ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එහි ජනාධිපති අපේක්ෂකත්වය ද මුලින් පැවසුවේ අතිශය ජනප්‍රිය ජනතාවාදී චරිතයකට ලබා දෙන බව වුවත් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉන් ඉදිරිපත් වී අවසානයේ ඉතිහාසයේ ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායමක් ලැබූ දැවැන්තම පරාජයක් සනිටුහන් විය. ඔවුන්ගේ ඡන්ද පදනම 3% දක්වා පහත වැටී තිබිණි.

එහෙත් පසු කාලීනව නැවත ඔවුන් කියා සිටියේ පොරොන්දු වූ පරිදිම පුළුල් ජාතික බලවේගයක් ලෙස මහමැතිවරණයට ඉදිරිපත් වන බවයි. එහිදී ජවිපෙ ක්‍රියාකාරීන්ට අමතරව විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයින්, කලාකරුවන් ඇතුළු ජන හද දිනූ චරිත ගණනාවක් එක්කරගෙන ජාතික ජන බලවේගය නමින් මහමැතිවරණයට ඉදිරිපත්වන බව ඔවුන් පැවසීය.

වැඩිදුරටත් ඔවුන් කියා සිටියේ ප්‍රධාන විපක්ෂයේ භූමිකාව බාර ගැනීම සුදුසු කණ්ඩායමක් ඉදිරිපත් කරන බවයි. ඒ අනුව දිස්ත්‍රික්ක 25 සඳහාම එවැනි චරිත සඳහා ආරාධනා කර තිබූ අතර ඇතැම් පිරිස් සිය ප්‍රචාරණ කටයුතු පවා ආරම්භ කර තිබුණි. එහෙත් පසුව එම සියළු තීරණ හකුලා සුපුරුදු පරිදි ජනතා විමුක්ති පෙරමුණ සහ රාජ්‍ය නොවන සංවිධානද ඇතුළත් සුපුරුදු ජවිපෙ හිතවාදී සිවිල් සංවිධාන කිහිපයේ නියෝජිතයින් පමණක් මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

Giraya News Alerts

ඔවුන් උදාහරණ ලෙස ගෙන ඇත්තේ හම්බන්තොට, මාතර, කළුතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල, යන දිස්ත්‍රික්කවලින් දැනට සිටින ජවිපෙ මන්ත්‍රීවරුන් 6 දෙනාට වඩා ජනප්‍රියත්වයෙන් ඉහළ පුද්ගලයින් ඉදිරිපත් කළහොත් දැනට සිටින මන්ත්‍රීවරුන් 6 දෙනාද ජවිපෙට අහිමිවන බවයි. එබැවින් කිසිඳු ලෙසකින් එවැනි චරිත එම දිස්ත්‍රික්ක සහ ජවිපෙ ඉහළපෙළ නියෝජනය කරන දිස්ත්‍රික්ක වන අනුරාධපුර, මහනුවර, බදුල්ල, ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහාද ජවිපෙ ක්‍රියාකාරීන්ට වඩා ජනප්‍රිය පුද්ගලයින් ඉදිරිපත් කළ යුතු නැති බවයි.

ඒ ඒ දිස්ත්‍රික්කවලින් ජවිපෙ නියෝජිතයින් හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පරාජය වී ඉහත කී ලෙස බාහිරින් ඉදිරිපත් කරන ජනප්‍රිය චරිත තේරී පත්වීමට වැඩි ඉඩක් ඇති බවට ජවිපෙ, රාජ්‍ය නොවන සංවිධාන හා ජවිපෙ හිතවාදී සිවිල් සංවිධාන තුළ සාකච්ඡාවක් ඇති වී ඇති බවත් ඒ අනුව එවැනි චරිත ඉදිරිපත් කිරීමකින් තොරව දැනට සිටින පිරිස පමණක් ඉදිරිපත් කළ යුතු බවත් තීරණය වී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණය වෙනුවෙන් ජවිපෙ සමග එවැනි සංවිධාන 27ක් එක් වී ඇති බවත් ඊට පරිබාහිරව කිසිවෙකු ඇතුළත් කරගත යුතු නැති බවත් එහිදී තීරණය වී ඇති බවද වාර්තා සඳහන් කරයි.

වැඩි දුරටත් වාර්තා වන්නේ 2015 මෙන් ජාතික ලැයිස්තුවට පමණක් එවැනි චරිත නාමිකව ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවයි. එහෙත් මහමැතිවරණයෙන් පරදින ජවිපෙ මන්ත්‍රීන් මිස එම චරිත ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීමටද තීරණය කර ඇතැයි වාර්තා වේ.

-Rivira.lk-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top