Advertise with Giraya
NEWS

පවතින ආකාරයෙන් MCC අත්සන් නොකිරීමට රජය තීරණය කරයි

MCC හෙවත් සහස්‍ර අභියෝග සහයෝගිතා ගිවිසුම පවතින ආකාරයෙන් අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද පැවති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ එම ගිවිසුම ගැන අධ්‍යනය කර කරුණු වාර්තා කිරීමට පත් කළ විශේෂඥ කමිටුව කර ඇති නිර්දේශ සළකා බලා එම තීරණය ගත් බවය.

එහෙත්, ශ්‍රී ලංකාවට යෝග්‍ය පරිදි එම ගිවිසුම සංශෝධනය කිරීමට සාකච්ඡා කිරීමට ඇමරිකාව සූදානම් නම් එය සළකා බැලිය හැකි බව ද ඇමතිවරයා පැවසුවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top