Advertise with Giraya
NEWS

ඉතාලියේ සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනා වැළඳී ඇතැයි සැක පිට IDH රෝහලට ඇතුළත් කරයි

ඉතාලියේ සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුළත් කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කර සිටියි.

මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනාගේ රුධිර සාම්පල බොරැල්ල පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යවා ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම පුද්ගලයින් දෙදෙනාට උණ සහ කැස්ස රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top