Advertise with Giraya
NEWS

ජනපති-අගමැති ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට ඉන්දීය ජාතිකයෙක් නීති විරෝධීව මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා වෙත SMS පණිවිඩයක් යොමු කළ පුද්ගලයෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හින්දු මාෆියා නමැති සංවිධානයක් සහ එල්. ටී. ටී. ඊ. සංවිධානය එම ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කර ඇති බවටයි සැකකරු අදාළ SMS පණිවිඩයේ දක්වා ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටියදී අත්අඩංගුවට ගෙන මිරිහාන ප‍්‍රදේශයේ රැඳවුම් කඳවුරක රඳවා සිටි ශර්ලි තෝමස් නමැති ඉන්දීය ජාතිකයෙක්.

Giraya News Alerts

මෙය ජාතික නායකයන්ට ඉතා අනතුරුදායක කාලයක් බවත්, මෙරට තුළ සිට හෝ විදේශ රටක සිට එම ඝාතන මෙහෙය විය හැකි බවත් එම පණිවිඩයේ සඳහන්. තමන්ගෙන් ඒ පිළිබද වැඩි විස්තර ලබාගන්නා ලෙස දන්වමින් සැකකරු සිය ඊමේල් ලිපිනයද එම SMS පණිවිඩයේ සටහන් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන දිසා අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top