Advertise with Giraya
ENTERTAINMENT

කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතාව රැගෙන එන සුනිල් ආරියරත්නයන්ගේ ‘කදිර දිව්‍යරාජ’

වල්ලි අම්මා යනු කඳසුරිදුන්ගේ භාර්යාවන් දෙදෙනාගෙන් කෙනෙකු බව දන්නවා වුනත් ඒ පසුබිමේ ඇති ආදර කතාව බොහෝ දෙනා දන්නේ නැත.

වැදි යුවතියක ලෙස හැදී වැඩෙමින් කඳ සුරිඳුන් කෙරෙහි දැඩි භක්තියකින් යුත් වල්ලි නම් තරුණියක් උන්නාය. එම භක්තියේ හා ආලයේ මහිමයෙන්ම කඳ සුරිදුන් කතරගමට වැඩියේය. එපමණක් නොව උන් වහන්සේ ඇය සරණ පාවා ගත්හ.

මේ ආදර කතාව සිනමාවට ගෙන ඒමට අප රටේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සූදානම් වන බව වාර්තා වුනා. ඒ වගේම, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත සඳහා අපේ අසල්වාසී ඉන්දියාවෙන් රංගන ශිල්පීන් දෙදෙනෙක් යොදා ගන්නා බවත් වාර්තා වුනා. ඒ සමර් විරමානි හා සොනක්ෂි රාවන්ය. සමර් කඳ සුරිඳු චරිතයටය. සොනක්ෂි වල්ලි මාතා චරිතයටය.

Giraya News Alerts

සමර් විරමනි අඩි 6ක් විතර උස නළුවෙක් වගේම මෝස්තර නිරූපණ ශිල්පියෙක්. හින්දු භක්තිකයෙක් වන සමර් වෙජිටේරියන් කෙනෙක්. කැමතිම විනෝදාංශය තමයි කුඩා දරුවන් සමඟ සෙල්ලම් කිරීම. ඔහුගේ මව ජීවතුන් අතර නැහැ. සහෝදරියක් ඉන්නවා. කැමතිම ආහාර වර්ග තමයි ස්ප්‍රින්ග් රෝල්, සුශී, මැන්ගෝ ස්ට්‍රිකී රයිස්. කැමතිම අතුරුපස නම් කෝල්ඩ් කොෆී. කැමතිම රටවල් වෙන්නේ සිඩ්නි, ඉන්දුනීසියා සහ බැංකොක්. සමර් මේ වෙනකොට ලංකාවටත් කැමතිවෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.

සමර් ‘සරසවිය’ පුවත්පතට කියපු සිද්ධියක් තමයි මේක.

” මට කොළඹ ගුවන් තොටුපලේ දී විගමන නිලධාරියා මගෙන් ඇහුවා. මොකටද ලංකාවට ආවේ කියලා .මං පැවසුවා. මම ආවේ චිත්‍රපටයක රඟපාන්න කියලා. විස්තර ඇහුවාම මම පැවසුවේ මහාචාර්ය සුනිල් ගේ චිත්‍රපටයක කියලා. ඒ නිලධාරියා මගෙන් බොහොම සුහදව ඇහුවා. මහාචාර්ය සුනිල් කියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ද කියලා. මට තේරුණා මහාචාර්යතුමන් මේ රටේ ඉතාම ප්‍රසිද්ධ කෙනෙක් කියලා. ඇත්තටම මට වැඩ කරද්දි තේරුණේ ඔහු තමයි ලංකාවේ සංජේ ලීලා බන්සාලි කියලා.”

මීළඟට අපි හැරෙමු මෙම චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වෙතට. වොඩාෆෝන් ඇතුළු ඉන්දියානු දැන්වීම් ගණනාවක නිරූපණ ශිල්පිණිය වූ සෝනක්ෂිට නම් කදිර දිව්‍යරාජ චිත්‍රපටයට තෝරා ගැනීම තවමත් සිහිනයක් වගේ.

ඒක සිද්ධ වුණේ මෙහෙමයි. එක් රාත්‍රියක වැඩ කටයුතු නිමා කරලා නිවසට එනකොට පාන්දර එක පසුවෙලා. නිවසට එන විටම ජංගම දුරකතනයට පණිවිඩයක් ලැබිලා තියෙනවා පහුවදා උදේ ලංකාවේ චිත්‍රපටයක සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්න කියලා. ඒ වන විටත් ඇය වෙනත් කටයුත්තකට උදෑසන කාලය වෙන් කරලා ඉවරයි. ඒ වුනත් පණිවිඩය දුන්න කෙනා කිව්වේ ෙ පැයකට හරි ඇවිත් යන්න කියලා. ඉතින් සෝනක්ෂි පාන්දරින් ලංකාවේ චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයට ගිහින් තියෙනවා. පරීක්ෂණය නිම වී පැයක් ගත වන්නට කලින් ඇයට ප්‍රතිඵල ලැබිලා. ඈ පූජනීය චරිතයක් වුන වල්ලි මාතාවගේ චරිතයට තෝරාගෙන කියලා.

සෝනක්ෂි සිං රාවට් 1988 රාජස්ථාන් වල තමයි උපත ලබන්නේ. ඇය තවමත් අවිවාහකයි. අඩි 05යි අඟල් 07ක් උසයි. ලංකාවට එන්න කලින් ඇය ලංකාව ගැන දැනගෙන හිටියෙ නැහැලු. ඒත් මෙහාට ආවාට පස්සෙ දැනගත්තාලු ඉන්දියාවෙ අය වගේම පෙනුම තියෙන හොඳ කට්ටියක් මෙහෙත් ඉන්නෙ කියලා. සෝනක්ෂි කියල විදියට ලංකාවේ පරිසරය කේරළය වගේලු.

මෙම සිනමාපටය රයිගම් ක්‍රියේෂන්ස් ඉදිරිපත් කිරීමක්. කතා ප්‍රති රචනය, තිර රචනය, සංවාද, සහ ගේය කාව්‍ය රචනය සහ අධ්‍යක්ෂණය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්. නිෂ්පාදනය ආචාර්ය රවි ලියනගේ, කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණය-ධම්මික හේවාදූවවත්ත, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක, දෘශ්‍ය ප්‍රයෝග චමත් පරණවිදාන, නර්තන අධ්‍යක්ෂණය සංඛ අබේසිංහ, වස්ත්‍රාණුභරණ වෙනුක වික්‍රමාරච්චි, වෙස් ගැන්වීම ප්‍රියන්ත දිසානායක, කේශාලංකරණය හරූන් ෂයිඩීන් විසින් ය.

සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන්. ගායනය සඳහා නිරෝෂා විරාජිනි, රවීන් කණිෂ්ක දායක වෙනවා. සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්න, නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී.රංජිත් කුමාර, ස්ටෙඩි කැමරා ස්ටයිනර් ඇඩම්ස්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top