Advertise with Giraya
NEWS

Breaking:මුස්ලිම් කොංග්‍රසයත් සමග කිසිඳු එකඟතාවයක් නෑ – ජවිපෙ හා ජනබලවේගය කියයි

ඉදිරියේ දී ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව සුළු ජාතිකයින් වෙනුවෙන් නව බලවේගයක් සෑදීම පිළිබඳ මේ වන විටත් සාකච්ඡා කෙරී ඇති බවත් ඒ අනුව ක්‍රියාත්මක වන බවටත් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අද (23) ප්‍රකාශයක් සිදු කළා.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් කළ විමසීමක දී ඔවුන් ප්‍රකාශ කළේ එවැනි කිසිඳු සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡාවක් හෝ එකඟතාවයක් ඇති වී නොමැති බවයි. එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය මතයක් සමාජ ගත කිරීමක් බවද ඔවුන් අවධාරණය කර සිටී. ජනතා විමුක්ති පෙරමුණ පුළුල් බලවේගයක් වන ජාතික ජන බලවේගය සමග සම්බන්ධ වී සිටින බවත් එම බලවේගය මෙවර මහමැතිවරණයේ දී විපක්ෂයේ වගකීම බාර ගැනීමට සූදානම් වන බැවින් මෙවැනි සංවිධානාත්මක ප්‍රචාරයක් සිදුවන බව තම විශ්වාසය බවද ඔවුන් අවධාරණය කර සිටී.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ තම සන්ධානයට චෝදනා ලැබූවන් එක් කර නොගන්නා බවයි. පාස්කු ප්‍රහාරයත් සමග මතු වූ සිදුවීම් වලදී රවුෆ් හකීම් වැනි පුද්ගලයින්ට බරපතල චෝදනා එල්ල වූ බවත් තම පාර්ශවයේ එවැනි අය සඳහා ඉඩක් ලබා දීමේ හැකියාවක් නැති බවත් ඔවුන් සඳහන් කළා. ඔවුන්ද අවධාරණය කර සිටියේ ඉදිරි මහමැතිවරණයේ දී විපක්ෂයේ බලය ලබා ගැනීම සඳහා තම සටන ආරම්භ කළ බැවින් මෙවැනි ව්‍යාජ මත සමාජ ගත කිරීමේ උත්සාහයන් පැවතිය හැකි බවයි. ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ද එවැනි තීරණයක් ගැනීමේ සූදානමක් හෝ නොමැති බව ඔවුන් අවධාරණය කර සිටී.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top