Advertise with Giraya
NEWS

විභාග සඳහා online අයදුම් කිරීමේදී ඇති වන ගැටළු දැනුම් දෙන්න කෙටි දුරකථන අංකයක්

උසස් පෙළ විභාගය සඳහා online ක්‍රමයට අයැදුම් කිරීමේ අවස්ථාව මේ වනවිට පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම හඳුන්වා දුන් නව මෘදුකාංගය හරහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා online ඔස්සේ අයැදුම් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ ඔස්සේ අයැදුම් කිරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.

Giraya News Alerts

මෙම මෘදුකාංගය භාවිතා කරමින් අයඳුම් කිරීමේ දී සිදුවන ගැටලු 1911 දුරකථන අංකයට හෝ පාසල් විභාග සංවිධාන ශාඛාවට දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී.පූජිත මහතා සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top