Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයට යන දූත කණ්ඩායමේ නායකත්වය දිනේෂ්ට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය හෙට ආරම්භ වීමට නියමිතයි.එහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වන දූත පිරිසේ නායකත්වය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් දරනු ලබනවා. එහිදී රජය ගෙන ඇති තීරණය පිළිබඳ පෙබරවාරි 26 වන දින විධිමත් ලෙස කවුන්සිලයේ සාමාජිකයින් දැනුවත් කිරීමටයි තීරණය කර ඇත්තේ

මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ සිදුකරනු ලබන වාචික කරුණු දැක්වීමට, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ප‍්‍රතිචාර දැක්වීමටද නියමිතයි.

Giraya News Alerts

මේ අතර ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධන කිරීම පිළිබද යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග‍්‍රහය ඉල්ලා අස්කර ගැනිමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇති බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මේ වනවිටත් දැනුම් දී අවසන්. ඒ, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචී ෆිස්ල්බර්ගර් හමුවූ අවස්ථාවේදීයි.

අදාළ තීරණය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඇති බව එහිදී දැනුම් දී තිබෙනවා.

මේ අතර විදේශ සබදතා අමාත්‍යාංශය පැවසවේ ශ‍්‍රි ලංකා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ අදාළ යෝජනාව ගෙන ආ එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව යන රටවල මෙරට සිටින තානාපතිවරුන් දැනුවත් කර ඇති බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top