එළඹෙන මාර්තු 15 වැනිදාට පූජිත් ජයසුන්දර මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණ වීමත් සමගම ඔහු පොලිස්පති තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
ඒ අනුව, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවා කාලය ලබන මාර්තු 15 දිනෙන් අවසන් වීමෙන් පසුව පොලිස්පති ධූරයේ පුරප්පාඩුවක් ඇති වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු මේ වන විටත් තරඟ වදිමින් සිටින බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මෙතෙක් බැඩබලන පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටියි. ඊළඟට පිළිවෙළින් දැනට වැඩ තහනමට ලක් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මෙන්ම ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබේසිරි ගුණවර්ධන, නන්දන මුණසිංහ, ෆ්‍රෑන්ක් ප්‍රනාන්දු, රවී විජේගුණවර්ධන, රෝෂන් ප්‍රනාන්දු, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් යන නිලධාරින් වෙති.
කෙසේ වෙතත් මාර්තු පළමු සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියද මාර්තු 15 ව්‍යවස්ථාදායක සභාව රැස්වී පොලිස්පති තනතුරට ජනාධිපතිවරයා නිර්දේශ කරන නමට හෝ නම් අතරින් එකකට අනුමැතිය දීමට නියමිතය
