ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දායසිර් ජයසේකර මහතා සිය සොයුරා වන කිත්සිරි ජයසේකර සමඟ එක්ව නව ගීතයක් පටිගත කර ඇත.
සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් දයාසිරි ජයසේකර මහතා ‘මල්සරා’ ගීතය පිළිබඳව විස්තර සඳහන් කර ඇත.
පටිගත කිරිමෙන් පසුව කිත්සිරි ජයසේකර මහතා නැවත කැනඩාව බලා පිටත්වන බවත් ඔවුන් පිටිගත කළ නව ගීතය මල්සරා කෙටි කාලයක් තුල ජනප්‍රිය වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කර ඇත.
මෙම ගීතය පද රචනා කොට ඇත්තේ කැළුම් ශ්‍රීමාල් සහ සංගීතය හර්ෂ මකලන්දගේ විසින් ය.
