ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ගොඩ නැගිමට රැගෙන යන වැඩ පිළිවෙලට සහයෝගය දැක්විම සඳහා ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි තමන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට බලාපොරොත්තු වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසුවා.
මුත්තයියා ප්‍රභාකරන් මහතා මේ බැව් පැවසුවේ පසුගිය දා නොර්වුඩ් පොලිස් වසමට අයත් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක් ගිනි ගැනිමෙන් අවතැන් වුවන් සදහා නිවසට අවශ්‍යය උපකරණ ලබාදිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මුත්තයියා ප්‍රභාකරන් මහතා කියා සිටියේ තම පියා මස්කෙලිය ප්‍රදේශයේ උපන් අයෙකු බවත්, වතුකරයේ ජනතාවගේ දුක හොඳින් අඳුනන අයෙකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක් වී වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහළ නැංවිමේ අපේක්ෂාවෙන් තමන් එලඹෙන මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට අපේක්ෂා කරන බවයි.
ඒ සඳහා මේ වන විටත් වතුකරයේ ස්ථාන කිහිපයකම පොකුරු රැස්විම් පැවැත් වූ බවත් මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසුවා.
