දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇත.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවට අදාළ ලිපි ගොනු ඉදිරිපත් කිරීමට ලබන 25 වනදා ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළ බව වාර්තා වේ.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව පළිගැනීමේ චේතනාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවට වසන්ත කරන්නාගොඩ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණි.
මේ අතර අදාළ නඩුවේ ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මීට පෙර නීතිපතිවරයා වෙත දැනුම් දුන් අතර ඒ අනුව පසුගිය 20 වනදා ඔහු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරයෙකු කොමිසම හමුවේ පෙනී සිටියේය.
එහිදී අදාළ ලිපි ගොනු ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතීඥවරයා ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.
ඒ අනුව වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවට අදාල ලිපිගොනු ලබා දීම සදහා ලබන 27 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
