දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුදගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතළ තුවාල තිබේ.
අද (21) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
පුද්ගලයින් 50 දෙනෙකු පමණ බස් රථවල සිට ඇති අතර එයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අදාළ අනතුරින් මිය ගොස් ඇත්තේ 12 හැවිරදි කුඩා දරුවෙකි.
මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට නාලන්ද, දඹුල්ල සහ මාතලේ රෝහල්වලට ඇතුලත් කර තිබේ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් හත්දෙනෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබේ.
දඹුල්ල, විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට කදුරුවෙල හා මඩකලපුව යමින් තිබු බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
මේ වනවිට තුවාලකරුවන් පිටත් කර හැරීමට අවට රෝහල් සුදානම් කර ඇතයි පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසිය වැඩිදුර පරික්ෂ සිදුකරයි.
